26 C
Colombo
Friday, October 18, 2024

කහ හිඟය මාර්තු මාසය තෙක්

- Advertisement -

රට තුළ ඇති වී තිබෙන කහ හිඟයට විසඳුමක් ලබා ගැනීමට හැකිවන්නේ දැනට වගා කර ඇති කහ අස්වැන්න ලබන ජනවාරි මස අවසානයේ  කපා ගෙන මාර්තු මස වන විට පරිභෝජනයට සුදුසු ආකාරයෙන් සකස් කරගත් පසු බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු News19 වෙත පැවසීය.

ජනාධිපතිවරයා කහ පිටරටවලින් ආනයනය කිරීම තහනම් කළ පසු කහ හෙක්ටයාර් 1500 ක භූමි ප්‍රමාණයක්  වගා කර ඇති බවත් එම වගාවෙන් අමු කහ මෙටි්‍රක් ටොන් 22500 ක් පමණ ලබා ගත හැකි බවත් මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවද කහ වගා කිරීමට කටයුතු සකස් කර ඇති බවත් එම නිලධාරීයා පැවසීය.

කහ අස්වැන්න ලබා ගත් පසුව එයින් ලබන වසර සඳහා බීජ වශයෙන් අමු කහ මෙට්රික් ටොන් 4000 ක් පමණ වෙන් කරගත යුතු බවත් ඉන්පසුව ඉතිරිවන  කහ පරිභෝජනයට සුදුසු පරිදි සකස් කර  2021 මාර්තු මාසයේ අග වෙළඳපොළට නිකුත් කිරීමට හැකි බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් කහ ආනායනය තහනම් කළ දින සිට මේ දක්වා කහ කිලෝ ග්‍රෑම් 50,000 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...