අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අද (14) මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිතා කළා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ස්ථීර බවය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය,
“මං කොළඹ දිස්ත්‍රික්කය. අපේ කණ්ඩායම දිනන්න ඕන. ඒක මට විශ්වාසයක් තියෙනවා. අපි රටේම ප්‍රතිඵලයත් එක්ක, අපි බලමු නේ?…. වැදගත් වෙන්නේ තනතුර නොවේ. අපිට අවශ්‍ය වෙනවා මේ පාර පාර්ලිමේන්තුවේ ශක්තිමත් ආණ්ඩුවක් හදන්න. ඒක තමා මගේ පළවෙනි කර්තව්‍යය. මේක තමා මගේ පළවෙනි උවමනාව. ඊට පස්සේ අපේ කණ්ඩායම තුළ තනතුරු ගන්න වෙනවා. ඒක ගන්න සූදානම්. සාර්ථක ශක්තිමත් ආණ්ඩුවක් හදන එක තමා මගේ මේ වෙලාවේ ෆෝකස් එක. අර අපි ගැන මවපු බිල්ලෝ බොරු කියන එක හොඳටම පැහැදිලියි. අපි මේ මාස එකහමාර පුරා වැඩ කරපු විදිය, ජනපති වැඩ කරපු විදිය, ඒකත් එක්ක පොරොන්දු වෙච්ච වෙනස මිනිස්සුන්ට දැනෙන්න පටන් ගත්තා. ඒ නිසා අපිට විශ්වාසයි පාර්ලිමේන්තුවේ බහුතර බලය එනවා.”