කොවිඩ් 19 ආසාදනය වු පුද්ගලයන් 30,000 කට අධික පිිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි යැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා පවසයි.
කොළඔ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් සිදු කළ අහඹු ලෙස තෝරාගත් 300 දෙනෙකුගේ සිදුකල පීසීආර් පරික්ෂණයකදී, එම පරීක්ෂණවලදී තහවුරු වුයේ එයින් 5%ක් ආසාදිතයන් බවය. ඒ අනුව කොළඹ නගරයේ වෙසෙන ලක්ෂ 6 කට ආසන්න පුද්ගලයන්ගෙන් 5%ක් ආසාදිතයන් සිටිය හැකිබවට සෞඛ්‍ය බලධාරීන් සැක කරන බව වෛද්‍ය විජේමුණි පැවසීය.
කෙසේ වෙතත් එම ආසාදිතයින් අතරින් 80%ක් පමණ කිසිදු කොවිඩ් රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත් ඔවුන් රෝග වාහකයන් බවත් රෝග ලක්ෂණ පෙන්වන ආසාදිතයින් අතරින් 5%ක් පමණක් බවත් පැවසීය.
රෝග ලක්ෂණ පෙන්වන පිරිස අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්ව මිය යන්නේ 0.4%ක් පමණක් බවත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා රෝගය ඕනැම අයෙකුගේ සිරුරේ තිබිය හැකි බැවින් ජනතාව ආරක්ෂා විය යුතු බවත් ඒ මහතා පැවසීය.