23 C
Colombo
Wednesday, January 8, 2025

“ජනාධිපතිගේ කතාවට අපි විරුද්ධයි” – වරාය වෘත්තිය සමිති කියයි

- Advertisement -

ශ්‍රී ලංකා රජයට සියයට 51 ක් තබාගෙන සෙසු කොටස අදානි සමාගම ඇතු`ඵ වෙනත් පාර්ශ්වයන්ට දෙනවාට තමන් විරුද්ධ යැයි වරාය වෘත්තිය සමිති පවසයි.

වෘත්තිය සමිති නියෝජිතයන් මෙම අදහස් පළ කරන්නේ ජනාධිපතිවරයා සමග පැවැත් වූ සාකච්ඡා අසාර්ථකවීමෙන් පසුවය.

ශ්‍රී ලංකා රජයට සියයට 51 ක් තබාගෙන ඉතිරිය ඉන්දියාවේ අදානි සමාගමට හා වෙනත් පාර්ශ්වයන්ට හවුල් විය හැකි අයුරින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් හමුවේ පවසා ඇත.


ආර්ථික පුණර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රජයේ නියෝජිතයන් හා වරාය වෘත්තිය සමිති 23 ක නියෝජිතයන් අතර මෙම සාකච්ඡාව සිදුවුවත් කිසිදු එකඟතාවයකට පැමිණීමට හැකියාවක් ලැබී නැත. 

පසුගිය රජය පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසගෙන තිබූ බවත් විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගෙන එම මුදලින් උපකරණ මිලදී ගැනීමටත් ගිවිසුමේ කරුණු සඳහන්ව තිබූ බවත් පවසා ඇති ජනාධිපතිවරයා රජය ගැන කිසිදු සැකයක් තබා නොගෙන මේ ව්‍යාපෘතියට අදහස් හා යෝජනා ලබාදෙන්නැයි වෘත්තිය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා ඇත. 

රටේ ස්වෛරීභාවයට ස්වාධීනත්වයට කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බවට පොරොන්දු වී ඇති හෙතෙම රජය ඉන්දියාව සමග පැරැණි ගිවිසුම ගැන සාකච්ඡා කර පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරියට තබාගැනීමට උත්සාහ කරන්නේ යැයි ද පවසා ඇත. 

කෙසේ වෙතත් අදාළ හමුවෙන් පසුව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංවිධානයේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතා පැවැසුවේ ජනාධිපතිවරයා භූ දේශපාලන හා ආර්ථික ප්‍රශ්න ගැනත් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදුන්නොත් ආර්ථික වශයෙන් අපට කොයිතරම් පාඩු වන්නේද කියාත් විශාල වශයෙන් කරුණු පැහැදිලි කළ බවයි.

එහෙත් වෘත්තිය සමිති ස්ථාවරය එය නොවන බැවින් ජනාධිපතිවරයාගේ කතාව සමඟ එකඟවෙන්නට තමන්ට නොහැකි යැයි ද එමනිසා මේ පිළිබඳ පත් කර ඇති කැබිනට් කමිටුව සමග වෘත්තිය සමිතිවලට සාකච්ඡාවක් දෙන හැටියටත් එතෙක් තීරණයක් නොගන්නා හැටියටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ යැයි ද සුමනරත්න මහතා කීය.

RECENT ARTICLES - SINHALA

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

නව නිපැයුම් කොමිසම‍ට පත් වුණ ලොක්කෝ

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ...

POPULAR ARTICLES

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

ටිබෙටයේ වු භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

ටිබෙට් හී ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ , තවත් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් තුවාල ලබා...