කොවිඩ් 19 ව්‍සන්ගතය හමුවේ දිනකට පරිසරයට බැහැර වන මුව ආවරණ සංඛ්‍යාව මිලියන 06ක් බවත්, මුව ආවරණය බැහැර කිරීම ගැන නිසි පරිදි සෞඛ්‍ය උපදේශයක් මෙතෙක් ලබා දී නැති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.
පරිසර අමාත්‍යවරයා මේ බව කියා ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සමග පසුගියදා 20 වන දින පවත්වා ඇති සාකච්ඡාවකිදීය.
කොවිඩ් ආසාදිතයන්, ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පලඳින පුද්ගලයන් වශයෙන් කොටස් තුනක පිරිස් මුව ආවරණ පලඳින බවත් ආසාදිතයන් හා ආශ්‍රිතයන් පලඳින මුව ආවරණ ඇතුළු අපද්‍රව්‍ය විධිමත් පරිදි බැහැර කෙරේ. එහෙත් කිසිදු ආරක්ෂක පිළිවෙතක් අනුගමනය කරමින් අවිධිමත් ලෙස මුව ආවරණ පරිසරයට විසිකර දමන පුද්ගලයන්ද සිටින බව ඇමැතිවරයා කියා ඇත.