26 C
Colombo
Friday, October 25, 2024

සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවතක් පලකළා යැයි පුද්ගලයෙකු අත්අඩංගුවට

- Advertisement -

කොවිඩ් ආසාදනය වී මහ මඟ වැටී පුද්ගලයින් විශාල පිරිසක් මියගිය බව පවසමින් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය පුවතක් පලකළා යැයි පවසමින් කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුගන්නාව ප්‍රදේශයේ ගරාජයක් පවත්වාගෙන යනු ලබන අයෙකි.ඔහුට එරෙහිව නිරෝධායන පනත යටත යටතේ සහ අසත්‍ය පුවත් ප්‍රචාරය කිරිම හා මහජනයා අනිසි ලෙස බියට පත්කිරිමේ චෝදනාවන් යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ් මහතා පවසයි.

සමාජ මාධ්‍ය මෙවැනි අසත්‍ය පුවත් පලකල සහ ඒවා හුවමාරු කළ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු ගැන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන බවත් මෙවැනි අසත්‍ය පුවත් පළකරන සහ ඒවා හුවමාරු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පැවසු අතර අසත්‍ය තොරතුරු හුවමාරු කිරිමෙන් වළකින ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

RECENT ARTICLES - SINHALA

ගිනිඅවි නිපදවන ස්ථානයක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට

මාතර පොලිස් වසමේ පාලටුව ප්‍රදේශයේදී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි නිපදවනු ලබන ස්ථානයක් වටලා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත...

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පැවසුවේ , දැනට පවතින මිල සූත්‍රය අනුව...

චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

හෝටලයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...