සිනමාවේදී අශෝක හඳගම නිර්මාණය කළ ‘ඇල්කොහොල් නැති බියර්’ චිත්රපටය පසුගිය මාර්තු මාසයේ කොවිඩ් 19 වෛරසය පැතිරීම වළක්වමින් ඇඳිරිනීතිය දිවයින පුරා ක්රියාත්මක වු කාලයේ නිර්මාණය වූ කෙටි චිත්රපටයකි. එම කෙටි චිත්රපටය ‘බ්ලැක් නයිට්’ අන්තර්ජාතික සිනමා උළෙලේ ප්රදර්ශනය වීමට නියමිතය.
ඒ පිළිබඳ සඳහන් කරමින් අශෝක හඳගම තැබූ සටහනක් පහතින් දැක්වේ.
“24 වෙනි බ්ලැක් නයිට් සිනමා උළෙල ඊයේ ටැලින් නුවරදී ආරම්භ වුණා. එහි ‘කොරෝනා ඇතුලත කතන්දර’ අංශය යටතේ ප්රදර්ශනය කෙරෙනුයේ කොරෝනා නිසා හුදකලා කෙරුණු තත්වයන් තුල සිනමා ප්රකාශන ලෙස මතුවුනු තෝරාගත් විකල්ප සිනමා ප්රයත්නයන්. අප විසින් නිර්මාණය කෙරුණු ‘ඇල්කොහොල් නැති බියර්’ මේ යටතේ ප්රදර්ශනය කෙරෙනවා. ඒ ගැන අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්.”