26 C
Colombo
Friday, October 18, 2024

CID සහ PHI නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් කළ 03 අත්අඩංගුවට

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් සිදුකල පුද්ගලයන් තුන්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් අතර සිටින 70 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා කොල්ලකෑම් සිදුකිරිම සදහා මාර්ගයේ ගමන් කරන වයෝවෘද්ධ පුද්ගලයන් සමග කථාබහක නිරත වන බව සදහන්.

එහිදි අනෙක් සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් පැමිණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගයින්ගෙන් කොල්ල කෑම් සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඔවුන් එලෙස කිරිදිවැළ , කිරුලපන , කටාන , වෙන්නප්පුව , අවිස්සාවේල්ල , යක්කල , පෑලියගොඩ , ආදුරුප්පු වීදිය , මරදාන , පන්නල සහ කොටහේන යන පොලිස් බල ප්‍රදේශ තුළ කොල්ලකෑම් සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...