26.8 C
Colombo
Wednesday, November 27, 2024

හිටපු ඇමතිලා 04ක් CIDයට කැඳවයි

- Advertisement -

කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා තවත් හිටපු අමාත්‍යවරුන් 04 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද කැඳවා තිබෙනවා.

ඒ අනුව මෙලෙස පැමිණ ඇත්තේ, හිටපු අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ නලින් ප්‍රනාන්දු ,නසීර් අහමඩ් හා විදුර වික්‍රමනායකයි.

මීට පෙර හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, හරීන් ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, සහ රමේෂ් පතිරණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දුන්නා.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට රැගෙනවිත් රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු කැබිනට් මණ්ඩලයේ 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පසුගිය දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අවසර ලබා දුන්නා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීමේ යෝජනාවක් හේෂාගෙන් පාර්ලිමේන්තුවට

සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙනවිත් තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු වරප්‍රසාද රැසක් කප්පාදු කරන...

උසස් පෙළ විභාගය ගැන ගත් තීරණය මෙන්න

පවතින අධික වැසි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙන උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්,...

රනිල්ට තවත් නඩුවක්

පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරු ධූර සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලා ගොනුකළ පෙත්සමක වග උත්තරකරුවකු ලෙස...

POPULAR ARTICLES