26 C
Colombo
Saturday, January 11, 2025

නිවාඩුවට වි‍ශේෂ දුම්රිය 04ක්

- Advertisement -

ලබන 14 වනදා පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව වි‍ශේෂ දුම්රිය 04ක් ධාවනයට එක්කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඒ.ඩී. ජයසුන්දර පැවසුවේ, ඒ අනුව පසුගිය 10 වනදා සිට මෙම දුම්රිය ධාවනයට එක්කළ බවයි.

එක් දුම්රියක් රාත්‍රී 07: 30ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ගමන් කරනු ඇති.

අනෙක් දුම්රිය පස්වරු 5: 40ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගමන් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව වි‍ශේෂ නගරාන්තර දුම්රියක් අලු‍යම 5: 30ට කොළඹ කොටුවෙන් කන්කසන්තුරය දක්වා ගමන් කරන අතර, පස්වරු 1: 50ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා දුම්රියක් ධාවනය කිරීමටත් කටයුතු යොදා තිබෙනවා.

මේ අතර, තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් ගම්බ්මි බලා යන දමිළ ජනතාවට අවශ්‍ය තරම් බස් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (11) ප.ව. 12.30ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගුවන...

ගිනිඅවි ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් තීරණයක්

පෞද්ගලික පරිහරණය සදහා ලබා දී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී ඇති කාලය කිසිසේත්ම දීර්ඝ නොකරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව...

මුද්‍රණාලායාධිපතිගේ පත්වීමේ සාදයට රජයේ වාහන (වීඩියෝ)

0
නව මුද්‍රණාලායාධිපතිගේ පත්වීම වෙනුවෙන් ඊයේ (10) රාත්‍රියේ කැළණිය ප්‍රදේශයේ හෝටලයක සාදයක් පවත්වා තිබෙනවා. එම සාදයට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන්...

POPULAR ARTICLES