30 C
Colombo
Thursday, August 29, 2024

නෞකා අනතුරෙන් අතුරුදන් වූ පිරිසෙන් 09දෙනෙක් සොයා ගෙන

- Advertisement -

අරාබි මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාර්යමණ්ඩලය සොයා සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 09 දෙනෙකු බේරාගැනීමට හැකිවු බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එලෙස බේරාගත් පිරිස අතර ඉන්දියානුවන් 08 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙක් වන බව පැවසෙනවා.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ කාර්යමණ්ඩලයේ ඉතිරි 7 දෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

අදාළ නෞකාවේ කාර්යමණ්ඩලයේ පුද්ගලයන් 16 දෙනෙකු සිට තිබූ අතර ඉන් 13 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් තිදෙනා ශ්‍රී ලාංකිකයන් බව වාර්තා වුණා.

ඉන්ධන ප්‍රවාහන නෞකාව අනතුරට ලක්වී තිබුණේ ඕමානයේ ඩියුකම් වරාය නගරයට නාවික සැතපුම් 25ක් නිරිත දිගින් වූ අරාබි මුහුදේදී.


RECENT ARTICLES - SINHALA

ගෝඨා රට පාලනේ කළේ නඩු කිහිපයක් ඉවත් කර ගන්න-හිරුනිකා

යම් හෙයකින් ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක ජනාධිපති බවට පත් වුවහොත් ඔහු එම ධූරය දරන්නේ උපරිම මාස 6 ක පමණ කාලයක් බව...

රංගෙගේ පට්ටම ගලවලා

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණය...

සමහර ජනාධිපති අපේක්ෂකයින්ට ෆේස්බුක් ගිණුමක්වත් නැහැ – මංජුල ගජනායක

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින් 39 දෙනා අතරින් මේ වන විට අඩුමතරමින් කුඩා රැස්වීමක් හෝ පවත්වා ඇත්තේ අපේක්ෂකයින් 15 දෙනෙක් පමණක් බව  ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ...

POPULAR ARTICLES

රාජ්‍ය බැංකුවකින් ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්

මහජන බැංකුව විසින් විශේෂ එම බැංකුවේ ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. මහජන බැංකු ගිණුම් හිමියන් ඉලක්ක කර, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ව්‍යාජ දැන්වීම්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2-3කින් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී...

රෙස්ලින් ලෝකයේ දැවැන්තයෙක් ජීවිතක්ෂයට

කීර්තියට පත් හිටපු WWE ශූරයෙක් වන Sid Eudy, මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මිය යන විට ඔහු 64 හැවිරිදි වියේ පසු වූ බවයි...