අපරාධකරුවන් සහ අධිකරණ වරදකරුවන්ගේ ඇඟිලි සටහන් දස ලක්ෂයක ප්‍රමාණයක් මේ වනවිටත් පරිගණක ගතකර තිබෙනවා.
විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම මොහොතක එම ඇඟිලි සටහන් ලබාගත හැකි බවට අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් කුමාර මහතා “දිවයින” පුවත්පතට පවසා තිබෙනවා.
මෙම ඇඟිලි සටහන් වර්ෂ 1914 සිට සටහන් වී තිබෙන අතර මුල්ම ඇඟිලි සලකුණ ‘දවපයා’ නමැති පුද්ගලයාගේ බවයි සඳහන් වන්නේ.
1924 වර්ෂයේදී සොරකමක් සම්බන්ධයෙන්, මුල්වරට කාන්තාවකගේ ඇඟිලි සලකුණ ලබාගෙන තිබෙනවා.
එසේ ඇඟිලි සලකුණු ලබාගෙන ඇත්තේ මීනච්චි නමැති කාන්තාවකගෙන්.
මේ වනවිට පරිගණකයේ ගබඩාකර තිබෙන ඇඟිලි සලකුණු පරීක්ෂණ සඳහා ස්වයංක්‍රීය ක්‍රමයට ඒ මොහොතේම ලබාගැනීමට හැකි බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර ඉන්දියාව, ඩුබායි වැනි රටවල සිටින ශ්‍රී ලංකාවේ අපරාධකරුවන්ට අමතරව කැනඩාව, ප්‍රංශය, ඉතාලිය වැනි යුරෝපීය රටවල සැඟවී සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් ද මෙරට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය මට්ටමෙන් කතාබහ සිදුකර ගෙන යන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‛දිවයින” පුවත්පතට වැඩිදුරටත් පවසා තිබෙනවා.