26.4 C
Colombo
Friday, March 14, 2025

වහලයට නැගි සිරකරුවන් නිසා බන්ධනාගාර වහලයට මිලියන 10 ක හානියක්

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදුන් පසුව තමන්ටද පොදු සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය සැප්තැම්බර් මස 20 වනදා සිට දින කිහිපයක් පුරා සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ වහලය මත නැගී විරෝධතාවයක් සිදු කළා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සදහන් කරන්නේ මෙම විරෝධතාවය නිසා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලයට මිලියන 10ක අලාභහානි සිදුවී ඇති බවට බන්ධනාගාර ඉංජිනේරු අංශය විසින් තක්සේරු කර ඇති බවයි.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ මෙලෙස විරෝධාතාවයේ යෙදුන සිරකරුවන් බාහිර පාර්ශව වලින් මෙහෙයවිම් කරන බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් වහලය මත නැගී රජයේ දේපලවලට හානි කිරීම සහ අනෙක් සිරකරුවන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වෙත පැමිණිලිකිරීමෙන් පසු විමර්ශන කටයුතු සිදුකරන බව චන්දන ඒකනායක මහතා පවසනවා.

එමෙන්ම බන්ධනාගාර නීතිරීතිවලයට අදාළව බන්ධනාගාරය තුළ කලහාකාරී ලෙස හැසිරීම, නිලධාරීන්ට අවනත නොවීම හා රජයේ දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් වෙත මොවුන් ඉදිරිපත් කිරීමටත් චෝදනා ලත් අදාළ සිරකරුවන් වෙනත් බන්ධනාගාරවෙත මාරු කිරීමටත් කටයුතු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...