26.4 C
Colombo
Friday, March 14, 2025

උදෑසන දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කෙරේ

- Advertisement -

සේවක හිඟය හේතුවෙන් අද (02) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 10ක් අවලංගු කර තිබෙනවා.

කැළණිවැලි මාර්ගය, මුහුදුබඩ, පුත්තලම් සහ ප්‍රධාන මාර්ගවල දුම්රිය මෙලෙස අවලංගු වී ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ.

මේ අතර දුම්රිය ධාවනය සඳහා ප්‍රමාණවත් සේවකයන් නොමැති හේතුවෙන් දුම්රිය ගමන් වාර 30කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ දුම්රිය නියාමකයන් සහ දුම්රිය සාහයකයන් ඇතුළු හිඟය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

පවතින තත්ත්වය මත සේවකයන් කළමනාකරණය කරමින් දුම්රිය ධාවනය පවත්වාගෙන යෑමට සිදුව ඇති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.