30 C
Colombo
Thursday, December 19, 2024

අර්චුනාගෙන් මිලියන 100ක වන්දියක් ඉල්ලලා

- Advertisement -

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා තමන්ට හා රෝහලේ කීර්තිනාමයට අපහාස කලේ යැයි පවසමින් මන්ත්‍රීවරයාට එරෙහිව රුපියල් මිලියන 100 ක් ඉල්ලා යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්තී මහතා යාපනය අධීකරණයේදී අපහාස නඩුවක් ගොනුකර තිබෙනවා.

යාපනය මහරෝහලට ඇතුල් වී කාර්ය මණ්ඩලයට බාධා කිරීම සහ රෝහල් අධ්‍යක්ෂක ටී.සත්‍යමූර්ති වෛද්‍යවරයාට අපහසාත්මක අයුරින් බැනවැදීම ආදි කරුණු සම්බන්ධයෙන් පසුගිය 17 වනදා රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා යාපනය අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව රෝහල් අධ්‍යක්ෂක වරයා විසින් මෙලෙස අපහාස නඩුවක් ගොනු කරනු ලැබුවා.

රෝහල් අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ අවස්ථා කිහිපයකදීම අර්චුනා මන්ත්‍රීවරයා විසින් තමන්ට බැනවැදීම, තර්ජනාත්මක ස්වරූපයෙන් මෙන්ම අපහාස කිරීම ආදී කරුනු සැලකිල්ලට ගනිමින් තමන්ගේ කිර්තිනාමයට හානිවීම හේතුවෙන් මෙලෙස අපහාස නඩුවක් ගොනු කළ බවයි.

RECENT ARTICLES - SINHALA

මාලිමාවේ ඇමතිවරයෙක්ට පෙත්සමක්

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය  ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. අභිනව නිවහල්...

මියන්මාර සරණාගතයින් රැගත් යාත්‍රාවක් මුලතිව් වෙරළට

මියන්මාර ජාතිකයින් පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් අද (19) මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ තිබෙනවා. මුලතිව්, නාවික හමුදාව හා පොලීසිය පවසන්නේ මෙම යාත්‍රාවේ 100කට අධික...

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංවිමට ඩොලර් මිලියන 150ක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති වෙනුවෙන් ලබාදීමට අනුමත කර තිබෙන ඩොලර් මිලියන 150ක ණය මුදල වෙනුවෙන් වූ ගිවිසුමට අද (19) අත්සන්...

POPULAR ARTICLES