28 C
Colombo
Wednesday, November 13, 2024

ඡන්ද නීති කැඩූ අපේක්ෂකයින් 11ක් අත්අඩංගුවට

- Advertisement -

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව අත්අඩංගුවට පුද්ගලයන් අතර අපේක්ෂකයින් 11 දෙනෙක්ද සිටින බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

ඊයේ (08) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව පුද්ගලයන් 364ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතරට අපේක්ෂකයින් 11 දෙනෙක් සහ ආධාරකරුවන් 356 දෙනෙක්ද ඇතුළත් බවයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොලීසියට මේ වන විට පැමිණිලි 340ක් ලැබී ඇති බවද ඔහු සඳහන් කළා.

එලෙස ලැබී ඇති පැමිණිලි අතරින් අපරාධම ස්වභාවයේ පැමිණිලි 54ක් ද , මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව 286ක් ද, ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

එමෙන්ම වාහන 94ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර පෝස්ටර් දස ලක්ෂ හැත්තෑදහසකට වැඩි ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර, නීති විරෝධීව රැගෙන ගිය පෝස්ටර් පන්ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්ද, පොලිස් භාරයට ගෙන ඇති බව නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

තවද බැනර් 855ක් ඉවත් කිරීමටත්, තවත් 458ක් පොලිස් භාරයට ගැනීමටත් කටවුට් 1,010ක් ඉවත් කිරීමටත් තවත් 1,322ක් පොලිස් භාරයටත් ගෙන තිබෙනවා.

අත්පත්‍රිකා 5045ක් ඉවත් කිරීමටත් තවත් 64,000කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

වේදිකා නාට්‍යයකට එරෙහිව මැ.කො.ට පැමිණිල්ලක්

උදේසිරි වික්‍රමරත්න මහතා විසින් නිර්මාණය කරන ලද දේශපාලන ප්‍රහසන වේදිකා නාට්‍යයක් වන ගරු කටානායකතුමනි නාට්‍යය මැතිවරණ නිහඩ කාලයේ රංග ගතකිරීමට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාව...

ජන අරගල අපෙක්ෂිකාවට සහ සැමියාට ඇප

බම්බලපිටිය සම්බාන මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් දස ලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කෑ බව කියන සිද්ධියේ සැකකරුවන් සිව් දෙනකු පැමිණිලිකරු විසින් කොළඹ...

හැටන් – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්

ලංගම බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (12) පස්වරුවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. හැටන් පොලිසිය පවසන්නේ, සිදුවු අනතුරින්...

POPULAR ARTICLES