24.7 C
Colombo
Monday, November 25, 2024

නිධන් හාරන්න ගියැයි සැකපිට හොර බ්‍රිගේඩියර් කෙනෙක් ඇතුළු 11ක් අත්අඩංගුවට

- Advertisement -

නීති විරෝධී කටයුත්තකට හෝ පුරාවිද්‍යා කැණීමකට සූදානම් වෙමින් සිටි බවට සැක කරන යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක්, යුද හමුදාවේ සාමාජිකයින් දෙදෙනෙක්, ඇතුළු පුද්ගලයින් 11 දෙනෙක් නාමල්ගම ප්‍රදේශයේදී වැලිකන්ද පොලීසිය විසින් පසුගියදා (23) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිකන්ද පොලීසිය පවසන්නේ ඔවුන් සතුව තිබී මෝටර් රථ තුනක් සහ කැබ් රථයක්ද පොලිස් භාරයට ගත් බවයි.

මෙම සැකකරුවන් අතර බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සිට ඇති  අතර ව්‍යාජ හැඳුනුම්පතක්, හමුදා නිල ඇඳුම් සහ බ්‍රිගේඩියර්වරයෙකුගේ ඇඳුමට සමාන ඇඳුම් ඔහු සන්තකයේ තිබියදී සොයා ගෙන තිබෙනවා.

එමෙන්ම, යුද හමුදාවේ සේවයෙ නියුතු ත්‍රිකුණාමලය හෙන්ද්‍රික් බලකොටුවේ ආරක්ෂාවේ නිරත වන හමුදා නිලධාරීන් දෙදෙනෙක්ද මෙම පිරිස අතර සිට ඇති බව පොලීසිය පවසනවා.

සෙසු සැකකරුවන් අට දෙනා යක්කල, පාදුක්ක, ගලේවෙල, මිල්ලවාන, තංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

පොල්ගේන්ගොඩ යුද හමුදා කඳවුරේ විනයාරක්ෂක බලකා නිලධාරීන් පිරිසක් විසින් ලබාදුන් තොරතුරකට අනුව වැලිකන්ද පොලිසිය හා එම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් එක්ව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම පිරිස අතර සිටි බ්‍රිගේඩියර්වරයෙකු ලෙස පෙනී සිටින පුද්ගලයා හමුදාවට සම්බන්ධ අයෙකු නොවන බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු

නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙණෙවිය...

නිධන් හොයන්න ගිය 5ක් අත්අඩංගුවට

වනාතවිල්ලුව - රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් 5 දෙනෙකු වනාතවිල්ලුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන...

Breaking: සුජීවගේ වාහනේ නිදහස් කරන්න උසාවි නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ මහතාගේ V8 රථය නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි...

POPULAR ARTICLES