චීනයේ – ෂැන්ඩොන්ග් පළාතේ පාසල් බස් රථයක් ජනතාව අතරට කඩා වැදී සිදු වූ අනතුරකින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, ප්රදේශයේ පාසලක ගේට්ටුව අසළ රැඳී සිටි දෙමාපියන් ඇතුලු පිරිසක් එහි ගැටී ඇති බවයි.
මියගිය පිරිස අතර දෙමාපියන් හය දෙනෙකු සහ සිසුන් 5 දෙනකු සිටින බව සඳහන්.
විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී යාමෙන් මෙම අනතුර සිදුව තිබූ අතර, අනතුර සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.