26 C
Colombo
Friday, October 18, 2024

මහනුවර නගරයේ අනවසර ඉදිකිරීම් 111ක්

- Advertisement -

මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයේ මේ වසරේදී ඉදිකිරීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව අනවසර ඉදිකිරීම් 111 ක් හඳුනා ගෙන ඇති බව මහනුවර මහ නගර සභාව පවසනවා.

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද ඉල්ලීමකට ලබා දී ඇති පිළිරේ මේ බව සඳහන් කර තිබෙනවා.

මහනුවර මහ නගර සභාවේ තොරතුරු නිලධාරි සහ ප්‍රධාන නාගරික ඉංජිනේරුවරයා විසින් ලබා දී ඇති තොරතුරු අනුවයි මේ බව වාර්තා වන්නේ.

මෙම අනවසර ඉදිකිරීම් 111 සම්බන්ධයෙන් නගර සභා ආඥාපනත සහ නාගරික සංවර්ධන අධිකාරියේ අණපනත් අනුව අවශ්‍ය පියවර ගෙන ඇති බව පැවසෙනවා.

මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය තුල සිදු කරන අනවසර ඉදිකිරිම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ වැඩි කතා බහක් ඇතිව තිබූ අතර ඒ සම්බ්න්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.

මෙම අනවසර ඉදිකිරීම් ග්‍රාම නිලධාරි මට්ටමින් ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් එලෙස ලේඛණගත කර නොමැති බවද එම තොරතුරුවල සඳහන්.

RECENT ARTICLES - SINHALA

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

ජනපති ගැන අසත්‍ය පුවතක්

වැලිකඩ බන්ධනාගාරය පිළිබඳ අසත්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා කරුණු දක්වා තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...