33 C
Colombo
Tuesday, April 8, 2025

රේගුවෙන් රිංගූ තවත් මෝටර් රථ 12ක් අල්ලස් කොමිසමට 

- Advertisement -

රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලට අදාළව තවත් වාහන 12ක් කොමිෂන් භාරයට ගෙන තිබෙනවා.

මෙම වාහන රේගුවේ නිශ්කාෂනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරමින් දූෂණ අක්‍රමිකතා සිදු කිරීම සම්බන්ධව චෝදනා යටතේ අල්ලස් කොමිසම භාරයට ගෙන තිබුණා.

ඒ අනුව ජීප් රථයක්, මිට්ෂුබිසී මොන්ටේරෝ ජීප් 06ක්, ටොයොටා ජීප් රථ 03, ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජීප් රථ 01, නිශාන් ඩබල් කැබ් රථයක් කොමිෂන් භාරයට ගෙන තිබෙනවා.

මෙම දූෂණ අක්‍රමිකතාවයන් සිදු වූ ආකාරය සහ එයින් රජයට ඇති වූ අලාභය පිළිබඳව විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමවේද මගින් මේ වන විට කොමිෂන් සභාව විසින් පරීක්ෂණ මෙහෙයවමින් පවතින බවද එම කොමිසම පවසනවා.

එමෙන්ම මීට පෙරද රජයට රුපියල් 597,189,323ක අලාභයක් සිදු කරමින් අනීතිකව ලියාපදිංචි කළ වාහන 15ක් ද කොමිෂන් සභාව භාරයට ගෙන ඉදිරි පරීක්ෂණ සඳහා රේගුව වෙත භාර දී ඇති බවත් අල්ලස් කොමිසම සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා. 

RECENT ARTICLES - SINHALA

චාමර පාර්ලිමේන්තුවට ඇවිත්

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙනවා. ඒ, මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය සඳහායි. ඌව පළාත් සභාවට අයත් ස්ථාවර...

සිංගප්පූරු සමාගමකින් පෙට්‍රල් මිලදී ගන්න අනුමැතිය

පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිලදී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 2025–04-15 සිට 2025-10-14 දක්වා මාස 06ක කාලයක් සඳහා...

පෙට්‍රල් නැව් පහක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට

2025-04-15 සිට 2025-10-14 දක්වා මාස (06) ක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5%ක් බැගින් වූ නැව් තොග 05 ක් මිල දී ගැනීම සඳහා...

POPULAR ARTICLES