24.7 C
Colombo
Sunday, November 24, 2024

ගංවතුර අවදානම වැඩි ගංඟා ද්‍රෝණි 12ක් නම් කෙරේ

- Advertisement -

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයත්, ඉදිරි දින කිහිපය තුළ එහි සිදුවිය හැකි වර්ධනයත් හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංඟා ද්‍රෝණි 12ක් නම් කරමින් අද (24) පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කළා.

කාලගුණ අංශ මේ වනවිට පුරෝකථන කර ඇති අනතුරු ඇඟවීම් අනුව දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත් තුළ අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකියි.

එම තත්ත්වය සහ එම ප්‍රදේශවල ජලාශ සහ ගංඟාවන්හි හැසිරීම් රටාව හා පසුගිය අත්දැකීම් අනුව හෙට (25) සිට එළැඹෙන 28 දක්වා වූ කාලය තුළ පහතින් නම්කර ඇති ගංගා ද්‍රෝණිවලට යම් ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එබැවින් එම ගංගා ද්‍රෝණිවල ගංවතුර නිම්නවල පදිංචි මහජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි ගංඟා ද්‍රෝණි

  1. මල්වතු ඔය ද්‍රෝණිය
  2. කලා ඔය ද්‍රෝණිය
  3. කනගරායන් ආරු ද්‍රෝණිය
  4. පරංගි ආරු ද්‍රෝණිය
  5. මා ඔය ද්‍රෝණිය
  6. යාන් ඔය ද්‍රෝණිය
  7. මහවැලි ගඟ ද්‍රෝණිය
  8. මාදුරු ඔය ද්‍රෝණිය
  9. මුන්දෙනිආරු ද්‍රෝණිය
  10. ගල්ඔය ද්‍රෝණිය
    11, හැඩඔය ද්‍රෝණිය
  11. විල ඔය ද්‍රෝණිය

RECENT ARTICLES - SINHALA

මාලිමාවේ ප්‍රබලයෝ එකතු වුණ සුපිරි පාර්ටිය

ගල්කිස්ස මහ හෝටලයේ පැරඩයිස් වෙරළ තීරයේ ඊයේ (23) රාත්‍රීයේ පැවති සුප්‍රසිද්ධ ABBA සංගීත ප්‍රසංගය නැරඔීම සඳහා ශ්‍රී ලංකාවේ අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසක්...

මාතර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් හෙට (25) දිනයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව...

රුහුණු විශ්වවිද්‍යාලයට උපකුලපති වෙනුවට නිසි බලධරයෙක්

රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා පත්...

POPULAR ARTICLES