32 C
Colombo
Tuesday, April 29, 2025

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 14ක් අත්අඩංගුවට

- Advertisement -

ගතවූ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කළ ඡන්ද අපේක්ෂකයින් 14 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, පසුගිය මාර්තු 03 වැනිදා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ආධාරකරුවන් 46 දෙනෙකුද අත් අඩංගුවට ගත් බවයි.

පොලිසිය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 11ක්.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පොලිසියට පැමිණිලි 148 ක් ලැබී තිබෙනවා.

පොලිසිය පැවසුවේ අපරාධමය පැමිණිලි 27 ක් හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 121 ක් ඒ අතර වන බවයි.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්දය විමසීමට අදාලව  දින 20 ක් ඇතුළත පැමිණිලි 1121 ක් මැතිවරණ කොමිසම වෙත ලැබී තිබෙනවා.

මැතිවරණ කොමිසම පැවසුවේ , ප්‍රචණ්ඩ ක්‍රියා 6 ක් සහ නීති උල්ලංඝණය කිරීම් 1062 ක් ඒ අතර වන බවයි.

ලද පැමිණිලිවලින් 996 ක් විසඳා ඇති බවද මැතිවරණ කොමිසම සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ලොව විශාලතම බහලුම් නෞකාවක් කොළඹ වරායට

ශ්‍රී ලාංකේය සමුද්‍රිය ඉතිහාසයේ සන්ධිස්ථානයකට එළඹෙමින් ලොව විශාලතම බහලුම් නෞකාවක් වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා...

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට

පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ...

රජයේ මාධ්‍ය හැඳුනුම්පත නැතුව කැබිනට් එන්න බැහැ – නලින්ද

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම වසර සඳහා නිකුත් කර...

POPULAR ARTICLES