ලීටර් 18හේ නව ගෑස් සිලින්ඩරය කොළඹ දිස්ත්‍රික්කය තුළ රුපියල් 1150ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා.
ලිට්රෝ සමාගම විසින් කිලෝ ග්‍රෑම් 12.5හේ ගෑස් සිලින්ඩරය වෙනුවට ලීටර් 18ක් ලෙස සටහන් කරමින් නව ගෑස් සිලින්ඩරයක් නිකුත් කිරීමත් එහි ගෑස් අඩු බරකින් ඇතුලත් වීමත් හේතුවෙන් පාරිභෝගිකයන්ට අසාධාරණයක් වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ.
කෙසේ වෙතත්, සිදුකළ යුත්තේ එම නව ගෑස් සිලින්ඩරයක මිල වෙනස් කිරීම නොව වෙළඳපොලට නිකුත් කර ඇති ලීටර 18 නව ගෑස් සිලින්ඩරය ඉවත් කිරීම බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ.
අඩු ගෑස් ප්‍රමාණයක් ඇති මෙම සිලින්ඩර වැඩි වාර ගණනක් පිරවීමට සිදුවීමෙන් ගෑස් සමාගමටත්, නිරන්තරයෙන් ගෑස් මිලදී ගැනීමට යාමට සිදුවීමෙන් ජනතාවටත් මේ හරහා පාඩුවක් සිදුවන හෙයින් නැවතත් පැරණි ගෑස් සිලින්ඩරය වෙත යායුතු බවයි ඒ මහතා අවධාරණය කර සිටින්නේ.
Related

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව සඳහන් කළා. ඒ අනුව, මේ වන විට රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940ක්. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල…

ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790ක්. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,525ක්…

අප්‍රේල් මාසය සඳහා ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කළා. ඒ අනුව ලිට්රෝ ගෑස්වල නව මිල ගණන් පහතින්, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,652 ක්.…