අපොස උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවෙක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි සස්මිත දිල්තුශාන් නැමැති කොළඹ ඉසිපතන විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
ඉකුත් 10 වනදා සස්මිත හට කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු නිවසේ රැඳීසිට ඇති ඔහු 14 වනදා කළුබෝවිල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණා.
රෝහල්ගත කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතලවීම හේතුවෙන් සස්මිත හට ඔක්සිජන් ද ලබාදීමටද වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් සස්මිත ඉතා අවාසනාවන්ත ලෙස පසුගිය 15 වනදා මියගිය බව වාර්තා වනවා.