ගතවූ සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 189ක් (කෝටි 18,900) අලුතින් මුදල් මුද්‍රණය කර ඇතැයි නවතම මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
එසේම රජයට මහ බැංකුව විසින් තවත් රුපියල් බිලියන 180ක මුදලක් ණයට ලබාදී ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව ගතවූ සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව රජයට සැපයූ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 369 ක්. (කෝටි 36,900 ක්)
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්වීමෙන් පසු මේ දක්වා රුපියල් බිලියන 1061ක මුදල් අලුතින් මුද්‍රණය කර තිබෙනවා.
එය රුපියල් ට්‍රිලියනයකට අධික මුදලක් ලෙසයි වාර්තා වන්නේ.