කොවිඩ් දෙවැනි රැල්ල ආවේ යුක්රේනයෙන් පැමිණි කණ්ඩායමකින් බව පරීක්ෂණවලදී තහවුරු වීයැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර කියා ඇත.
ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් ඔහු කියා තිබුණේ ඒ ගැන සිදු කරන ලද විශේෂ පරීක්ෂණයකින් ඒ බව හෙළි වූ බවය. සැප්තැම්බර් 11 වැනිදා තුර්කි යානයකින් ආ 11 දෙනෙකුගෙන් සමන්විත යුක්රේන ගුවන් නියමුවන් කණ්ඩායමක් සීදූව හෝටලයක නිරෝධායනය වීමේදී වසංගතය පැමිණි බව ඔහු කියා තිබේ.