25 C
Colombo
Sunday, November 17, 2024

කෝටි 2ක ඇපල් කන්ටේනරයක් සත්තු වත්තට..!

- Advertisement -

කොළඹ වරාය වෙත ගෙන්වා තිබූ ඇපල් කන්ටේනරයක් දෙහිවල සත්වෝද්‍යානය වෙත භාරදී තිබෙනවා.

මෙම ඇපල් කන්ටේනරය පසුගිය පෙබරවාරි මාසයේ චීනයෙන් මෙරටට ආනයනය කර ඇති අතර එය මේ දක්වා ආනයනකරුවන් විසින් ඉවත් කර ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් මෙසේ එය දෙහිවල සත්වෝද්‍යානය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඇපල් කිලෝග්‍රෑම් 24,000ක් අඩංගු මෙම කන්ටේනරයේ දළ වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්න වන බවත් මේ ආකාරයෙන්ම, වරායේ රඳවා ඇති ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය විනාශවීමට ඉඩ නොතබා කිසියම් ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා යොදා ගැනීමට ද සැලසුම් කර ඇති බවත් වරාය අධිකාරියේ අධ්‍යක්ෂ ප්‍රභාත් ජයන්ත මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES