30 C
Colombo
Tuesday, September 10, 2024

වැඩිවන අපේක්ෂකයෙකුගේ වියදම මිලියන 200ක්-මැ.කො

- Advertisement -

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තවදුරටත් වැඩිවන්නේනම් ඒ වැඩිවන සෑම අයෙකු සඳහාම රුපියල් මිලියන 200ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා,

“එක අපේක්ෂකයෙක් වැඩි වුණ ගමන්, අඩුම ගානේ මම නම් කියන්නේ මිලියන 200ක් විතර අපේ වියදම වැඩි වෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ. මතවාදමය වශයෙන් එන කිහිපදෙනෙක් ඉන්නවා. අපිට කිසි ගැටලුවක් නෑ මතවාදය වෙනුවෙන් ඒ මිනිහා දෙන්නෙක් එක්ක හරි පෙනී ඉන්නවා. හුඟාක් දෙන්නේ මීඩියාවල කාලය අරගන්න. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් වෙන පක්ෂයකින් ඉල්ලන්න හරි නැත්නම් සංස්ථා සභාපති කෙනෙක් හරි, ගල්වළක් හරි වැලි පර්මිට් එකක් හරි මොනවා හරි තමා පිටිපස්සේ තියෙන්නේ. බැලට් පේපර් එකක් ප්‍රින්ට් කරන්න පුළුවන් වෙන්නේ අඟල් 27.5යි. ඒක පැන්නොත් අපිට සිදුවෙනවා පේළි දෙකකට යන්න. අපි ඡන්ද පෙට්ටියකට දාන ඡන්ද පත්‍රිකා ගාන අඩුවෙනවා. අඩු වුණාම පෙට්ටි වැඩි වෙනවා. එතකොට මුල ඉඳලම වියදම වැඩිවෙනවා. වෑන් එකක් ගත්තහම කැබ් එකට ගෙනවන ගාන ගෙවන්න බෑ. වෑන් ඔක්කෝම ප්‍රයිවට් ගන්න වෙනවා. වැල වගේ වියදම එකට එකට වැඩි වෙනවා. වියදම වැඩි වුණාට කමක් නෑ සැබෑ මතවාදයක්, නියෝජනයක් වෙනුවෙන් නම්. පසුගිය මැතිවරණ ගණනාවේ ම ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නා හැරුණු විට සියලුම අපේක්ෂකයෝ අරන් තිබුණේ 5%ට වඩා අඩුවෙන්. එක තනතුරක් වෙනුවෙන් නේ මේක තියෙන්නේ. රටට ආදරේ කරන අපේක්ෂකයෝ නම් ඒ ගැන හිතන්න ඕනේ.”

RECENT ARTICLES - SINHALA

කේප් ටවුන් සම්මුතිය පාර්ලිමේන්තුවට

ජංගම උපකරණවල ජාත්‍යන්තර හිමිකම් පිළිබඳ (කේප් ටවුන් සම්මුතිය) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවි තිබෙනවා. ජංගම උපකරණවල ජාත්‍යන්තර හිමිකම් පිළිබඳ (කේප් ටවුන්...

අරුන්දිකගෙන් පොලීසිය ප්‍රකාශයක් අරන්

රුපියල් ලක්ෂ 30ක මුදල් වංචාවක් පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන්  රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ (09) පැය 5කට අධික...

බලශක්ති නියාමනයට අලුත් ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඛනිජතෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, ද්‍රවීකෘත ස්වභාවික වායු සහ ලිහිසි තෙල් යන...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පහ ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන හෝ වැඩමුළු සැප්තැම්බර් 11 මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව...