28.1 C
Colombo
Thursday, January 30, 2025

ආණ්ඩුව දෙදාහකට දුන් මාසික වියදමෙන් කතානායක පාටියක් දාලා

- Advertisement -

අයවැය සම්මත වීමෙන් පසු කතානායක නිල නිවසේ පැවැත්වූ සාම්ප්‍රදායික සාදයට (බජට් පාටි) ලක්ෂ 100කට අධික මුදලක් වැය වී ඇතැයි ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

එම මුදල කොවිඩ්-19 රෝගය නිසා ආර්ථික අසීරුතාවට පත් වූ පුද්ගලයන්ට රජය මාසිකව ලබාදුන් මුදල රුපියල් 5000ක මුදලකි. මෙම සාදය සඳහා වැය වී ඇත්තේ ඒ ආකාරයට පුද්ගලයන් 2000කට ලබා දිය හැකි මුදලට සමාන මුදලකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ සහකාර ආවතේව තනතුරැවලින් ඉහළට සිටින සියලු නිලධාරීන් හා ලේකම්වරුන් ඇතුළුව 700කට ආසන්න පිරිසක් මෙම සාදය සඳහා ආරාධනා ලැබ සිටින බව දැනගන්නට ඇත.

කොරෝනා වසංත තත්වය හමුවේ මෙම සාදය නොපැවැත්විය යුතු බවට ඇතැම් මන්ත්‍රීවරුන් ඉල්ලීම් කර තිබුණි. කොවිඩ්-19 තත්වය යටතේ අනවශ්‍ය වියදම් කපාහැරීම පිළිබඳ රජයේ නායකයන් කිහිප වතාවක් අදහස් දක්වා තිබුණි.

පසුගිය කාලසීමාවේ තමන්ට ලැබුණු මුදල් ප්‍රමාණවත් නොවන බව පවසමින් කොළඹ ප්‍රදේශයේ පුද්ගලයන් විරොධතා පවත්වා තිබුණි. එවැනි මොහොතක අමාත්‍ය විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ, මාසිකව ලබාදුන් මුදල දවස් කිහිපයකින් වියදම් කොට මෙලෙස විරෝධතා පවත්වන බවය.

RECENT ARTICLES - SINHALA

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, රුපියල් 230ට පැවති ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 220ටද,...

ජෙරොම්ගේ විදෙස් ගමන් ඉල්ලීමට අධිකරණයෙන් නියෝගයක්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර ඇති දේවගැති ෆාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුගේ විදේශ ගමන් තහනම තාවකාලික ඉවත් කරන ලෙස ඔහු...

නිදහස් දින සැමරුම් උළෙල ගැන විශේෂ දැනුම්දීමක්

77 වන නිදහස් දින සැමරම් උත්සවය ⁣පෙරවාරි 04 වන දින නිදහස් චතුරස්‍රය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. "ජාතික පුනරුදයට පෙළගැසෙමු"යන...

POPULAR ARTICLES

උස්මාන් කවාජාගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන වෝන් - මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එහි ආරම්භක පිතිකරු උස්මාන්...

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, රුපියල් 230ට පැවති ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 220ටද,...

ජෙරොම්ගේ විදෙස් ගමන් ඉල්ලීමට අධිකරණයෙන් නියෝගයක්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර ඇති දේවගැති ෆාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුගේ විදේශ ගමන් තහනම තාවකාලික ඉවත් කරන ලෙස ඔහු...