27.5 C
Colombo
Wednesday, October 23, 2024

විස්සයි විස්ස ලෝක වාර්තා අලුත් කරලා

- Advertisement -

20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (23) සමත් වුණා.

ඒ ගැම්බියා කණ්ඩායමට එරෙහිව සිය පන්දු ඕවර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 344ක් රැස්කර ගනිමින්.

සිම්බාබ්වේ වෙනුවෙන් සිකන්දර් රාසා පන්දු 33කදී ශතකයක් රැස්කළා.

ඔහු නොදැවී ලකුණු 133ක් රැස්කළ අතර ඊට 6 පහර 15ක් ඇතුළත්.

කණ්ඩායමේ අනෙක් පිතිකරුවන් 6 පහර 12ක් එල්ලකළ අතර ඒ අනුව කණ්ඩායම ඔවුන්ගේ ඉනිමට 6 පහර 27ක් ඇතුළත් වු අතර එයද ලෝක වාර්තාවක් වනවා.

ඔවුන් විසින් බිඳ දැමුවේ නේපාල කණ්ඩායම ලකුණු 314ක් රැස්කර තබා තිබූ වාර්තාවක්.

නේපාල ඉනිමට 6 පහර 26ක් ඇතුළත් වුණා.

RECENT ARTICLES - SINHALA

හරක්කටාගේ නඩුව කැඳවද්දී විනිසුරු තීන්දුවෙන් මාධ්‍යවේදීන් එළියට දාලා

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු මෙන් ම පාතාල කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා ඇතුළු තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව...

නෙරොච්චෝල බලාගාරයට උඩින් ඩ්‍රෝනයක් යවලා

නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ...

මීටපස්සෙ සහන මිලට බංගලා දෙන්නෙ නැහැ – ඇමති විජිත

ජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යවරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Breaking : නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා. ඒ අනුව නාම...