රට තුළ අත් දකින්නට ලැබෙන වෙඩි තැබීම් සිදුවීම් නතර කර, පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශවලින් ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
එමඟින් ඔහු අවධාරණය කර ඇත්තේ, 2025 වසර ආරම්භයත් සමඟ ගෙවුණු දින 16 තුළ පමණක් වෙඩි තැබීමේ සිදුවීම් 05ක් වාර්තා වීම බරපතල තත්ත්වයක් බවයි.
මෙම වෙඩි තැබීම වලින් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස්, තවත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා ඇති වාතාවරණයක රටේ සිවිල් පුරවැසියන්ට නිදහසේ තම දෛනික කටයුතු කරගෙන යාමද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙන බව විපක්ෂ නායකවරයා තවදුරටත් පවසා තිබෙනවා.
මෙම පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කරන ලෙසත්, විදේගතව සිටිමින් මේවා මෙහෙය වන පිරිස් නීතිය හමුවට ගෙන ඒමටත් කටයුතු කරන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා
ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ රටේ විපක්ෂයට නායකත්වය දෙන පුද්ගලයා ලෙස තමා මෙන්ම, විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බව අවධාරණය කරන බවයි.