25 C
Colombo
Friday, January 10, 2025

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

- Advertisement -

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රුපියල් බිලියන 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් මෙම කෙටුම්පත අද ( 09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව, මේ වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම්වලින් වැඩි ම මුදලක් වෙන්කර ඇත්තේ, මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙතට වන අතර එය රුපියල් බිලියන 713ක්.

මේ වසරේ පුනරාවර්තන වියදම ලෙස රුපියල් මිලියන 2,518ක් ද මූලධන වියදම ලෙස රුපියල් මිලියන 354 ක් ද ඇස්තමේන්තු ගත කර ඇති අතර පසුගිය වසරේ පුනරාවර්තන වියදම ලෙස රුපියල් මිලියන 3,673ක්ද මූලධන වියදම රුපියල් රුපියල් මිලියන 528ක්ද ඇස්තමේන්තු ගත කර තිබුණා.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා රුපියල් මිලියන 412 එම අමාත්‍යංශ සඳහා ඇස්තමේන්තුගත මූලධන වියදම රුපියල් මිලියන 95,500ක් ද වනවා.

අමාත්‍යාංශ කිහිපයක සම්පූර්ණ වියදම් පහතින්.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 8.3
මූලධන – රු. බි 5.4

මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 484
මූලධන – රු. බි 229

ආරක්ෂක අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 382
මූලධන – රු. බි 60

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 38
මූලධන – රු. බි 16

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 412
මූලධන – රු. බි 95

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 19.4
මූලධන – රු. බි 2

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 2.16
මූලධන – රු. මි 397

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

ලයිට් බිල දැන්ම අඩු කරන්න බැහැ – බලශක්ති ඇමති

විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බව බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී...

POPULAR ARTICLES

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

අමෙරිකාව අසරණ කළ ගිනි කුණාටුව

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ඇති වූ ළැව් ගින්න මේ වනවිට හොලිවුඩ් කඳුකර ප්‍රදේශය දක්වා පැතිරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හොලිවුඩ් කඳුකරයේ ගින්න වේගයෙන්...