26 C
Colombo
Tuesday, March 18, 2025

2025 මාස්ටර්ස් ලීග් ශූරතාව ඉන්දියාවට

- Advertisement -

ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ඉන්දීය කණ්ඩායම විසින් දිනා ගනු ලැබුවා.

ඒ, ඊයේ (16) ඉන්දියාවේ, රායිපූර්හිදි බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය කඩුලු 6 කින් ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායමපළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම, පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 148 ක්.

ලකුණු 149ක ඉලක්කය හඹා ගිය ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 17 යි පන්දුවක් තුළ කඩුලු 4 ක් දැවී සිටියදී තරගය ජය හිමි කරගත්තා.

නායක සචින් තෙන්ඩුල්කාර් ලකුණු 25ක් ද,  ගුර්කීරත් සිං ලකුණු 14ක්ද , අගනා ඉනිමක් ක්‍රීඩා කළ අම්බාති රායුඩු පන්දු 50 කදී ලකුණු 74 ක් ද රැස් කළා.

RECENT ARTICLES - SINHALA

අදානි ව්‍යාපෘතිය ගැන තවදුරටත් සාකච්ඡා

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. ඉන්දියාවේ "ද හින්දු පුවත්පත" වාර්තා කර ඇත්තේ අදාළ...

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...

POPULAR ARTICLES

අදානි ව්‍යාපෘතිය ගැන තවදුරටත් සාකච්ඡා

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. ඉන්දියාවේ "ද හින්දු පුවත්පත" වාර්තා කර ඇත්තේ අදාළ...

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

ශ්‍රී ලංකා  – නවසීලන්ත කාන්තා තෙවන 20යි 20 තරඟය අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තුන්වන සහ අවසාන විස්සයි විස්ස තරඟය වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී...