2034 වර්ෂයේ ෆිෆා පාපන්දු ලෝක කුසලානය සෞදි අරාබියේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඊයේ (11) දිනයේදී රැස් වූ ලෝක පාපන්දු සම්මේලනයේ පාලක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.
2030 වර්ෂයේ පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤය, පෘතුගාලය සහ මොරොක්කෝව යන රටවල සම සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිතයි.
ලෝක කුසලාන තරගාවලියට වසර 100ක් පිරීම නිමිත්තේන් 2030 තරගාවලියේ තරග 3ක් ආජන්ටිනාව, පැරගුවේ සහ උරුගුවේ යන රටවල පැවත්වීමටද තීරණය කර තිබෙනවා.