24 C
Colombo
Sunday, November 17, 2024

21 සංශෝධනය අද කථානායකට

- Advertisement -

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ඉදිරිපත් කිරීමට නියමිත 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනා කෙටුම්පත සමගි ජන බලවේගය විසින් අද (21) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වනවා.

මෙම කෙටුම්පත අද පෙරවරුවේ කථානායකවරයා වෙත භාර දීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ආණ්ඩුව ද 20 වැනි සංශෝධනය අහෝසි කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටින බවත් අග්‍රාමාත්‍යවරයා එය පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ බවත් විපක්ෂය පෙන්වා දෙන අතර පසුගිය සඳුදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ද ආණ්ඩු පක්ෂය මේ පිළිබඳව පක්ෂ නායකයන්ට දන්වා ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඊට අනුගතව සමගි ජනබලවේගය සිය නීති විශාරදයින්ගේ සහය ඇතිව මෙම කෙටුම්පත් සකස් කළ බවයි විපක්ෂය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

වෛද්‍යවරුන් 18ක් මෙවර පාර්ලිමේන්තුවේ

මෙවර පාර්ලිමේන්තුවට විවිධ වෘත්තිකයින් තෝරා පත්කර යැවීමට ජනතාව කටයුතු කර තිබෙනවා. මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, නීතීඥයින්, ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් ඒ අතරට ඇතුළත් වනවා. ඒ...

ලැබුණු බලය අවභාවිතා කරන්න එපා – සජිත්

මහ මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කරන බව...

පිපිරීමකින් තරුණයෙක් මරුට

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය...

POPULAR ARTICLES