25 C
Colombo
Saturday, December 28, 2024

කතරගම බැතිමතුන්ට පීඩා කළ පුද්ගලයින් 22ක් අත්අඩංගුවට

- Advertisement -

කතරගම නගරයේ වන්දනා බැතිමතුන්ට හිරිහැර පීඩා ගෙන දෙන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කතරගම පොලිසිය පවසනවා.

මෙම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින බවයි පැවසෙන්නේ.

නගරයේ බීමත්ව අසභ්‍ය වචන කියමින් වන්දනා බැතිමතුන්ට හිරිහැර වන අයුරින් ගැවසිම, වන්දනා බැතිමතුන්ට අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කිරීම, පූජාවට්ටි බලහත්කාරයෙන් විකිණීම, පූජා වට්ටි නොගන්නේ නම් බැතිමතුන්ගේ වාහන නතර කිරීමට ඉඩ නොදීම, මාර්ගය මැදට පැන රථ වාහන බලහත්කාරයෙන් නතර කොට පූජාවට්ටි ගැනීමට බලකිරීම, ගංජා සුරුට්ටු සන්තකයේ තබාගෙන සිටීම ඇතුළු චෝදනා මෙම පිරිසට ගොනුකර තිබෙනවා.

මෙම පිරිස තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් ගැන පොලිස් විමර්ශන

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා භාරනොදුන් අපේක්ෂකයින් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කර...

මිලියන 9ක අල්ලසක් ගත් ව්‍යාපාරිකයන් දෙන්නෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් කොමිසම පැවසුවේ වෙනත් ව්‍යාපාරිකයෙකුගෙන් එම අල්ලස ලබාගන්නා අවස්ථාවේදී ඔවුන්...

දෙසැම්බරයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465ක් මෙරටට

මෙම මාසයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, 2024  වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින්...

POPULAR ARTICLES