නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි නිෂ්පාදනය සඳහා මේ වන විට ගල් අඟුරු නැව් 23ක් පැමිණ ඇති බව වාර්තා වනවා.
බලාගාර කළමණාකාර නාලක විජේකෝන් මහතා කියා සිටියේ 23 වැනි නැවෙන් මේ දිනවල ගල් අඟුරු ගොඩබාමින් ඇති බවයි.
මේ වන විට බලාගාරයේ විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගල් අගුරු සංචිතය තුළ මෙට්ට්‍රික් ටොන් තුන් ලක්ෂ අසු දහසකට ආසන්න ගල් අඟුරු තොගයක් ගබඩා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.
එසේ ගොඩ බෑම සිදුවන ගල් අඟුරු බත්තල් මඟින් ලක්විජය බලාගාර භූමියට රැගෙන ඒමට කටයුතු කිරීමට නියමිතයි.