අද (10) සිට නැවතත් තම පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව Lanka IOC සමාගම නිවේදනය කරනවා.
ඒ අනුව ත්රිකුණාමලය ඉන්ධන බෙදාහැරීමේ පර්යන්තයේ මෙහෙයුම් පැය 24 පුරාම ක්රියාත්මක බව එම සමාගම පවසනවා.
එම සමාගම මීට පෙර දැනුම්දුන්නේ ජූලි 09 විරෝධය හේතුවෙන් සිය ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට රජය නියෝග කළ බවයි.