අධිකරණ නියෝග කඩකර සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් දැක්වූ බව පවසා පුද්ගලයින් 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් අද (28) අළුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමසෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ දහවල් මෙලෙස විරෝධතාවක නිරතවුවා.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසකක් ද ඊට එක්ව තිබුණා.
එහිදී නියෝජිතයින් 8 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් හිමිවූ අතර අදාළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන්, ඔවුන් තවදුරටත් එම ස්ථානයේ රැඳි සිටිමින් විරෝධය දක්වා තිබෙනවා.
මෙහිදී උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබූ අතර ඒ අනුව විරෝධතාකරුවන්ට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබුණා.
පසුව අධිකරණ නියෝග කඩකරමින් විරෝධතාවයේ නිරතවන බව පවසා මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.