26.9 C
Colombo
Wednesday, November 27, 2024

අධික වර්ෂාවෙන් පුද්ගලයින් 275,082 ක් පීඩා

- Advertisement -

අධික වර්ෂාවත් සමග හටගෙන ඇති ආපදා තත්ත්වයෙන් මේ වනවිට පවුල් 59629කට අයත් පුද්ගලයින් 275,082ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ, මන්නාරම දිස්ත්‍රික්කයේයි.

එම සංඛ්‍යාව 49,560ක්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 127කට අධික වර්ෂාවත් සමග ආපදා තත්ත්වයක් වාර්තා වී ඇති බවයි.

ආරක්ෂිත ස්ථාන 104ක රැඳී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 10,137 ක්.

අද (27) පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ යාපනය ප්‍රදේශයෙන්.

එය මිලිමීටර් 253 කි.

තුනුක්කායි ප්‍රදේශයට මිලිමීටර් 50.5 ක්, අච්චිවේලී ප්‍රදේශයට මිලිමීටර් 245.3ක වර්ෂාපතයක් අදාළ කාලය තුළ ලැබී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව අද (27) රාත්‍රියේ කොළඹ කොටුව සිට...

ආපදා මරණ ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් උදය හේරත් මහතා...

සේවා දායකයෙක් නැති නඩුවක්

පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු වාර්තා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටි නඩුව අද (27) කොටුව...

POPULAR ARTICLES

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව අද (27) රාත්‍රියේ කොළඹ කොටුව සිට...

ආපදා මරණ ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් උදය හේරත් මහතා...

දොස්තර සාෆි ගැන විමර්ශන කළ DIG දෙදෙනාට වැඩ වරදියි

ජාතින් අතර අසමගිය ඇතිකිරීම සඳහා සැලසුම්සහගතව හා කුමන්ත්‍රණකාරීව ව්‍යාජ ප්‍රකාශයක් සිදුකරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සහ කූඨලේඛන සකස් කිරීමේ ව්‍යාජ චෝදනාව සම්බන්ධයෙන්...