මහ මග ගමන් ගන්නා ජනතාවගේ රත්‍රන් මාල කැඩීමේ නිරතව සිටි හිටපු කොස්තාපල්වරයෙක් ඇතුළු තිදෙනෙකු කොල්ල කා විකුණා තිබූ රන් භාණ්ඩ සහ මුදල් තොගයක් සමගින් අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසනවා.
හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු රත්‍රන් මාල කැඩීමේ නිරතව සිටින බවට හංවැල්ල පොලිසියට ලද තොරතුරක් මත තුම්මෝදර පඤ්ඤාගුල ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
එම නිවස වටලන අවස්ථාවේදී තිදෙනෙකු නිවස තුල අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිට ඇති අතර, එම පිරිසද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සහ ඥාති සහෝදරයකු වන බවද පොලිසිය පවසනවා.