30 C
Colombo
Saturday, December 14, 2024

ගංගුලිගේ හෘදයාබාධයෙන් ‘අදානි’ දැන්වීම නවතී

- Advertisement -

ඉන්දීය අදානි සමාගමේ සන්නාම තානාපතිවරයකු වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සවුරවු ගංගුලිට හෘදයාබාධයක් වැළඳීමෙන් අනතුරුව ඔහු පෙනී සිටි වෙළෙඳ දැන්වීම් විකාශනය නතර කිරීමට අදානි සමාගම කටයුතු කර ඇත.

විකාශය නතර කර ඇත්තේ ෆෝචූන් සන්නාමය යටතේ වෙළෙඳපොලට නිකුත් කෙරෙන නිවුඩු සහලින් සැකැසෙන්නේ යැයි කියන ආහාර පිසින තෙල් වර්ගයක වෙළෙඳ දැන්වීම්ය.

ශරීරයට අවශ්‍ය මේදය රඳවා තබා ගනිමින් රුධිරයේ කොලොස්ටෙරෝල් මට්ටම පාලනයට මෙම තෙල් සුදුසු යැයි සඳහන්ය.

කෙසේ වෙතත් 48 හැවිරිදි සවුරවු ගංගුලිගේ ධමනි තුනක සියයට 70 ක පමණ කොටසක් අවහිර වීමෙන් පසුව කල්කටාවේ රෝහලකට ඔහු ඇතුලත් කර ඇත.

සිදුවීමෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ අදානි සමාගම ඉලක්ක කරගෙන විවිධ අදහස් පලවීම සමග අදාළ වෙළෙඳ දැන්වීම ඉවත්කරගැනීමට සමාගම තීරණය කර තිබේ.

ආහාර චක්‍රයේ හා ප්‍රවේණියේ ප්‍රශ්න සමග ද හෘදයාබාධ ඇති විය හැකි යැයි ද සවුරවු ගංගුලි නැවතත් ඉක්මනින්ම සිය සමාගමේ සන්නාම ප්‍රවර්ධනයට එක්වනු ඇතැයි ද අදානි පාලකයෝ පවසති.

RECENT ARTICLES - SINHALA

රංවලගේ ඉල්ලා අස්වීම ගැන ජනපතිගේ තීරණය

කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්...

පුංචි ඡන්දෙට ආණ්ඩුව වැඩ අරඹයි

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත්...

මාධ්‍යවේදීන්ටත් පැන්ෂන් එකක්

ඉදිරි අයවැය තුළින් මාධ්‍යවේදීන් සඳහා විශ්‍රාම වැටුපක් හා රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ, ජනමාධ්‍යවේදීන් අව්ව වැස්ස...

POPULAR ARTICLES

රංවලගේ ඉල්ලා අස්වීම ගැන ජනපතිගේ තීරණය

කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්...

තවත් ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් සෙනසුරාදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කළා. තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය...

පුංචි ඡන්දෙට ආණ්ඩුව වැඩ අරඹයි

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත්...