31 C
Colombo
Wednesday, September 18, 2024

දරුවන් ලක්ෂ 3කට පාසල එපා වෙලා

- Advertisement -

රජයේ පාසල්වල සිසුන් ප්‍රමාණය පසුගිය වසර හය තුළ 332,084 කින් අඩුවී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවලින් පෙනී යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

රජයේ පාසල්වල 2018 වර්ෂය වනවිට ළමයින් 4,214,772ක් සිටියද පසුගිය වර්ෂය වනවිට එම සංඛ්‍යාව 3,882,688ක් දක්වා පහත බැස තිබූ බවද ඔහු කියා සිටියා.

මේ අතර, රජයේ පාසල් ප්‍රමාණයද එම කාල සීමාවේදී 79කින් අඩුවී ඇතැයිද ඔහු සඳහන් කළා.

රජයේ පාසල් 10,175ක් පසුගිය 2018 වර්ෂයේදී පැවැති නමුත් 2023 වර්ෂය වන විට එය 10,096ක් දක්වා අඩුවී තිබූ බව පවසන මහාචාර්යවරයා පාසල්වල ගුරුවරුන් සංඛ්‍යාවද පසුගිය වසර හයේදී 9547 කින් අඩුවී ඇතැයි ප්‍රකාශ කළා.

ගුරුවරුන් 2018 වර්ෂයේදී 247,334ක් සිටි නමුත් එම සංඛ්‍යාව 2013 වර්ෂයේ දී 237,787ක් දක්වා පහත බැස තිබූ බව ඔහු කියා සිටියා.

කෙසේ නමුත්, පෞද්ගලික පාසල් සංඛ්‍යාව එම කාල සීමාවේදී 15කින් වැඩිවී ඇතැයි පැවසූ වසන්ත අතුකෝරල මහතා 2018 වර්ෂය වන විට තිබූ පෞද්ගලික පාසල් 80 පසුගිය වර්ෂය වන විට 95ක් දක්වා වැඩි වී තිබූ බවද සඳහන් කළා.

මේ අතර, ළමයි පනහට අඩු පාසල් 2018 වර්ෂයේදී 1480ක් තිබුණා.

ගිය වර්ෂය වන විට එම සංඛ්‍යාව 1506ක් දක්වා වැඩිවී තිබූ බවත් ළමයින් 51-100 අතර පාසල් 2018 වර්ෂයේදී 1530 ක් තිබුණ නමුත් පසුගිය වර්ෂය වන විට එම සංඛ්‍යාව 1638 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් අතුකෝරල මහතා පැවසුවා.

දරුවන් 200ට අඩු පාසල් 2018 වර්ෂයේදී 5,138ක් තිබූ අතර, ගිය වර්ෂය වනවිට එම සංඛ්‍යාව 5,262ක් දක්වා ඉහළ ගොස් තිබූ බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වන බව මහාචාර්යවරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ගෝඨාභය පව් එයාව බිලිදුන්නා – අනුර

ගෝඨාභය රාජපක්ෂ මහතාට බෙල්ල දීමට සිදුවූයේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි කාලයේ ගත් වැරදි තීන්දුවලට බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා....

පොලිස් සැරයන්වරයෙක්ට පහර දුන් සිව්දෙනෙක් අත්අඩංගුවට

පොලිස් සැරයන්වරයකුට පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් තිදෙනකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසනවා. බීමතින් පැමිණි පිරිසක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ...

තාත්තගේ කාලයේ ගත්තු හැම ණයකටම අපි වග කියනවා – නාමල්

රාජපක්ෂ ආණ්ඩුවේ නිර්දෝශීභාවය ඔප්පුකර පෙන්වීමට තමා සුදානම් බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා පවසන්නේ, රට ගොඩනැගීමට ඔවුන්ට...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...