26 C
Colombo
Sunday, October 6, 2024

ධීවරයන් 6 දෙනාගෙන් 4 දෙනෙක් මරුට

- Advertisement -

මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් 6 දෙනා අතරින් මේ වනවිට 4 දෙනෙකු මියගොස් තිබෙනවා.

තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “ඩෙවෝන්” නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා ඇති බව සඳහන්.

ඊයේ (28) රාත්‍රියේ ඔවුන්ට මුහුදේ පාවෙමින් තිබු බෝතල් කිහිපයක් හමුවී ඇති අතර මත්පැන් බව සිතා ඔවුන් ඒවා පානය කර තිබෙනවා.

ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා,

“වෛද්‍ය කණ්ඩායම් පණිවුඩ හුවමාරු යන්ත්‍රය භාවිත කරමින් ප්‍රතමාධාර ලබාදෙනවා. අපිට ගොඩබිම සිට යාත්‍රාවක් යැවීමට ප්‍රමාණවත් කාලයක් නැහැ. ඔවුන් ඉතා ගැඹුරු මුහුදේ ඉන්නේ. ඒ අසල ගමන් කරන වෙනත් නෞකාවකට ඔවුන් ගොඩ කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. දැනට තොරතුරු වාර්තා වෙන්නේ මෙම ධීවරයන්ට හමුවූ බෝතල්වලින් කොටසක් ඒ අවට තිබූ අනෙක් යාත්‍රාවලට බෙදාදී තිබෙන බව. තවත් කුමණ යාත්‍රාවක හෝ මේ බෝතල් තිබෙන්න පුළුවන්. අපි ඒ ගැනත් දැන් දැනුවත් කරමින් යනවා.”

“මේ වනවිට නාවික සැතපුම් 320කට වැඩි දුරකින් ජාත්‍යන්තර මුහුදේ තමයි මේ යාත්‍රාව තිබෙන්නේ. දැනට ගොඩබිමට ගමන් කරන වේගය පැයකට නාවික සැතපුම් 07කට ආසන්න වේගයක්. ඒ කියන්නේ දවස් දෙකට ආසන්න කාලයක් ගොඩබිමට පැමිණීමට ගතවෙනවා.”


RECENT ARTICLES - SINHALA

වසරක් තුළ ලක්ෂයකට ආසන්න පිරිසක් කෘෂි රැකියාවලින් ඉවතට

වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ...

මහ ඡන්දෙට පොහොට්ටුවක් නැද්ද?

ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත්, අවශ්‍ය වුවහොත් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණේ වෙනසක් කළ හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්...

නව සන්ධානයේ නායකයා මෙන්න

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ වනවිට විපක්ෂයේ...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....