චීනයේ පිරිමින් මිලියන 30ක් පමණ සහකාරියන් සොයාගැනීම සම්බන්ධයෙන් බලවත් අර්බුදයකට මුහුණදී ඇති බව වාර්තා වේ.
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ 2020 වර්ෂයේ පැවැත්වූ දශකයකට වරක් සිදුකරන එරට ජාතික ජන සංගණනයේදීය.
චීනය දීර්ඝ කාලයක් පවත්වාගෙන ගිය එක් පවුලකට එක් දරැවෙක් යන සංකල්පයත් එහිදී ජනතාව පිරිම් දරැ උපත් සදහා ප්‍රමුඛත්වයදීමත් මෙයට අදාළ මූලික හේතු බව එරට වාර්තා සදහන් කරයි.
පසුගිය වසරේ උපත් අනුපාතය ද පිරිමි දරැ උපත් 111කට ගැහැණු දරැ උපත් 100 ක් වශයෙන් වූ බව සදහන් වේ.
එරට ජනගහන විශේෂඥයන්ට අනුව මෙම තත්වය තවත් දශක කිහිපයක් චීනයට විවිධ අහිතකර ආර්ථික සහ සමාජ බලපෑම් ඇති කරනු ඇත.