25.2 C
Colombo
Thursday, November 28, 2024

වව්නියාවේ වැව් 30ක් කැඩී ගිහින්

- Advertisement -

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණය සමඟ හටගෙන ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජලගැලීම් හේතුවෙන් වව්නියාවේ පිහිටි වැව් 30ක් මේ වන විට කැඩී ගොස් ඇති බව වාර්තා වෙනවා.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ්.සරත්චන්ද්‍ර මහතා පවසන්නේ තවත් වැව් 250ක් කැඩීයාමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි.

වව්නියව දිස්ත්‍රික්කයේ පවතින වත්මන් කාලගුණික තත්වය පිළිබඳව ආපදා කළමනාකරණ නිලධාරීන් සමග නිරීක්ෂණයක නිරත වූ අවස්ථවේදී වව්නියාව දිසාපතිවරයා මේ බව පවසා තිබෙනවා.

වව්නියාව දිස්ත්‍රීක්කයේ වැව් 800කට අධික ප්‍රමණයක් පිහිටා ඇති අතර මෙලෙස වැව් බැමි එකවර විශාල ප්‍රමාණයක් කඩා ගිය පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.

එබැවින් පහත්බිම්වල ජීවත්වන ජනතාවට දැඩි පරීක්ෂාවකින් සිටින ලෙසටද ආපදා කළමනාකරණ නිලධාරීන් දැනුම් දෙනවා.

එමෙන්ම කැඩීයාමේ අවදාමකට ලක්ව ඇති වැව් ආසන්නයේ සිටින ජනතාවද ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට මේවනවිට පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයත් කල්දාලා

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව...

දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් වටලලා

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටලීමක් සිදු...

සෞඛ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානමින්

සෞඛ්‍ය පරිපාලකයන් විසින් තෝරාගත් රෝහල් කාර්ය මණ්ඩල සඳහා පමණක් ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීම සිදුකරන්නේ නම් ඉදිරියේදී ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා...

POPULAR ARTICLES