දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් සෑම විෂයක් සඳහා ගුරුවරු පුරප්පාඩු පවතින බවයි.
අනුප්‍රාප්තිකයින් නොමැතිව ගුරුවරුන්ට මාරුවීම් ලබා ගැනීමට නොහැකි බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිංන් මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, ඒ හේතුවෙන් ගුරුවරු බොහෝ දෙනෙකුට නවක ගුරුවරු බඳවා ගන්නා තෙක් සිටීමට සිදුව ඇති බවයි.