24.9 C
Colombo
Monday, November 25, 2024

කුවේට් හි බන්ධනාගාරගතව සිටි ලාංකිකයන් 32ක් දිවයිනට

- Advertisement -

කුවේට් හි මධ්‍යම බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය චෝදනා වලට සිර ගතව සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනාගෙන් 32 දෙනෙකු දිවයිනට පැමිණියා.

ඒ, කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර, 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේයි.

ඒ අනුව ඔවුන් අද කුවේට් ගුවන් හමුදාව සතු යානයකින් මෙරටට පැමිණියා.

මොවුන් කුවේට් රාජ්‍යය තුළ භයානක ඝන‌යේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, වෙළෙඳාම් හා ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අද දිවයිනට පැමිණි මෙම පිරිස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් බස් රථයකින් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගිය බව වැඩිදුරටත් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

නායයෑමේ අවධානම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කෙරේ

දිවයිනට බලපා ඇති වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 06 කට නිකුත් කළ නායයෑමේ අවධානම් නිවේදනය තවත් පැය 24 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල,...

දේශීය ඇඟලුම්වලින් උපයන අපනයන ආදායමේ ඉහළ යෑමක්

මෙම වසරේ දේශීය ඇඟලුම් කර්මාන්තයෙන් උපයා ඇති අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ඉක්මවා යනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසනවා. එම සංසදය සඳහන් කරන්නේ...

අදානිගේ බටහිර ජැටිය සංවර්ධන ව්‍යාපෘතියට මුදල් දීම ගැන ඇමරිකාව යළි සිතා බලයි

අදානි සමාගමේ හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා තමන් ලබාදීමට අපේක්ෂා කළ අමෙරිකානු ඩොලර් මිලියන 553ක මුදල සම්බන්ධව යළි...

POPULAR ARTICLES