රජ වීදිය ඔස්සේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු කිරීමට ගිය මහනුවර මහ නගර සභාවට අයත් කසළ ප්‍රවාහන ලොරි රථයක තිබී ටී.56 ගිනි අවි සඳහා යොදන හිස් පතුරම් කොපු 32 ක් ඊයේ (17) පස්වරුවේ සොයාගෙන තිබෙන බවට වාර්තා වෙනවා.
දළදා මාලිගාවට අයත් ආරක්ෂිත කලාපයේ පිහිටි රජ වීදිය පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවක දී ලොරි රථයේ වූ කුඩා පොහොර උරයක තිබී මෙම හිස් පතුරම් කොපු තොගය හමුවී තිබෙනවා.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා ගේ අධීක්ෂණය යටතේ දළදා මාලිගා පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.සේනාධීර මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතර ලොරි රථයේ රියදුරු සහ රිය සහායකයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.