මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අද (26) අලුයම තලෙයිමන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක දී අදාළ ධීවරයින් පිරිස සිය භාරයට ගෙන ඇති බව සඳහන් වනවා.
ඔවුන් පැමිණි යාත්‍රා 03ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඉන්දීය ධීවරයින් පිරිස සහ යාත්‍රා ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සඳහා කිලිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කළා.